එංගලන්ත සංචාරයේදී විනය විරෝධී ලෙස කටයුතු කළ ක්‍රීඩකයින් 03 දෙනාට තහනමක් සහ දඩ

පසුගිය එංගලන්ත සංචාරයේදී විනය විරෝධී ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩකයින් 03 දෙනාට ක්‍රිකට් තහනමක් සහ දඩ නියම කිරීමට එම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිර්දේශකර ඇත.

ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් පස්වරුවේ අදාළ 05 පුද්ගල පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටියා.

එහිදී නිරෝෂන් දික්වැල්ලට මාස 18 ක ක්‍රිකට් තහණමක් ද ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ට එරෙහිව මාස 24 ක ක්‍රිකට් තහණමක් ද පනවන ලෙස නිර්දේශ කර ඇත.

ඔවුන්ට එරෙහිව එක අයෙකුට ඩොලර් 25,000 ක දඩයක්ද නියම කළ යුතු බව නිර්දේශවල සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුල ආරක්ෂිත ක්‍රමවේදය උල්ලංඝණය කරමින් පසුගිය ජුනි 27 වනදා රාත්‍රියේ ඔවුන් ඩරම් ප්‍රදේශයේදී වීදිවල සැරිසැරූ බවට ඔවුන්ට චෝදනා එල්ල වුණා.

කෙසේවෙතත් හෙට එනම් සිකුරාදා රැස්වන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම දඩුවම් අනුමත කල යුතු බවයි අප කල විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරියෙකු කියාසිටියේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »