Search

“නිවහනට – ස්වර රටා” අන්තර්ජාල සජීවී සංගීත ප්‍රසංගය මෙම සෙනසුරාදා

කොවිඩ් වාතාවරණය හමුවේ රැකියාව පමණක් නොව කුලී නිවසද අහිමිවීමට සිදුවූ සහෘදයෙකුට උපකාර කිරීමේ අරමුණින් නිවහනට ස්වර රටා මහගු ව්‍යාපෘතියේ එක් අධියරක් ලෙස අන්තර්ජාල සජීවී සංගීත ප්‍රසංගය මෙම සෙනසුරාදා (31) පැවැත්වෙනවා.

මෙල්බර්න් වේලාවෙන් රාත්‍රී 09 ට එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 04 යි 30 සිට ලොව පුරා ෆේස් බුක් හා යූ ටියුබ් ඔස්සේ එය අත්විඳීමට ඔබටත් පුලුවන්.

පවතින කොවිඩ් තත්වය හමුවේ ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව පවත්වන මෙම ප්‍රසංගයට පූර්ණ මාධ්‍ය දායකත්වය සපයන්නේ AusLanka TV විසිනුයි.

කොළඹ නාලන්දා විද්‍යාලයේ 93 උසස් පෙළ කණ්ඩායමේ සිසුන් රැසක් මේ සඳහා දායකත්වය සපයන අතර ප්‍රවීණ ගායන ශිල්පී රනිල් මල්ලවාරච්චි – ඔහුගේ පුත් පවන් මල්ලවාරච්චි මෙන්ම දැනට ඔස්ටේ්‍රලියාවේ සිටින නාලන්දා ආදි සිසුන් ගණනාවක් මීට එක්ව සිටිනවා.

Singing for Hoping ෆේස්බුක් පිටුව – Singing for Hoping 93 friends යූ ටියුබ් නාලිකාව හරහා ලොව පුරා ඕනෑම අයෙකුට මෙය නැරඹිය හැකි අතර සම්පත් බැංකුවේ නගර ශාඛාවේ 100152278306 දරණ ගිණුමට ඔබේ පරිත්‍යාගයන් යොමු කල හැකි වනවා.

AusLanka TV පූර්ණ මාධ්‍ය අනුග්‍රහය සපයන මෙම මහගු සත්කාරය පිළිබඳ වැඩිදුර විස්තර 077-3145122, 077-5356434 යන අංක මගින් දිනේෂ් කෝදාගොඩ ඇමතීමෙන් ලබාගත හැකියි.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »