වික්ටෝරියා Lockdown ඉවත් කරන්නේද නැද්ද තීරණය හෙට ට කල් යයි

වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown තත්වය ඉවත් කරන්නේද නැද්ද යන තීරණය ප්‍රකාශයට පත් කිරීම හෙට දිනය දක්වා කල් දමා තිබෙනවා.

දැනට පවතින Lockdown තත්වය හෙට (27) රාත්‍රී 12 ටයි අවසන්වීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව Lockdown තත්වය පිළිබඳ නිවේදනය අද ලබාදීමට නියමිත වුවද මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බැවින් එය හෙට දක්වා කල් දැමූ බවයි වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසුවේ.

කෙසේවෙතත් බොහෝ දුරට හෙට දිනයේදී සුබවාදි ආරංචියක් ලැබෙනු ඇති බවටද ඔහු ඉගියක් පළකලා.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 11 ක් හමුවී තිබේ.

එම සියලු ආසාදිතයින් ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සමග මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළ නැග ඇත.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »