Berwick හි Eden Rise Village වෙතත් කොවිඩ් ආසාධිතයෙකු ගිහින් – අවධානම් වේලාවන් මෙන්න

Berwick හි Eden Rise Village (Coles Mall) කොවිඩ් අවධානම් ස්ථාන අතරට නම් කර තිබේ.

ඒ පසුගිය 14 වනදා පෙරවරු 09 යි 25 ත් 09 යි 45 ත් අතර කාලයේදී කොවිඩ් ආසාධිතයෙකු එම ස්ථානයේ සිටි බවට තහවුරු කරගැනීමත් සමගයි.

මේ අනුව අදාළ කාලසීමාවේ එම ස්ථානයේ සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලාව සිටිය යුතු වනවා.

මේ අතර Berwick හි TSG Eden Rise වෙතද එම කාල සීමාවේදීම කොවිඩ් ආසාධිතයෙකු පැමිණ තිබෙනවා.

අදාළ කාලසීමාවේ එම ස්ථානයේ සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලාව සිටිය යුතු වනවා. (Tier 2)

වික්ටෝරියා නවතම කොවිඩ් අවධානම් ලැයිස්තුව පහතින්.

https://www.coronavirus.vic.gov.au/exposure-sites

 

Pic – Google

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »

පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »