ඔලිම්පික් යාමට නියමිත ඔස්ටේ්‍රලියා මළල ක්‍රීඩා කණ්ඩායම පැය කිහිපයකට හුදකලා කෙරේ

ඔලිම්පික් උළෙල සඳහා පිටත්ව යාමට නියමිත ඔස්ටේ්‍රලියානු මළල ක්‍රීඩා කණ්ඩායම පැය කිහිපයකට හුදකලා කර තබා ඇත.

ඒ කණ්ඩායමේ සාමාජිකයෙකුගේ අසම්පූර්ණ පී සී ආර් වාර්තාවක් හේතුවෙනුයි.

කණ්ඩායම මේ වනවිට Cairns හිදී පුහුණු කඳවුරකට සහභාගී වෙමින් සිටී.

ඊට පෙර මෙල්බර්න් හිදී සිදුකල පරීක්ෂණවලදී අදාල සාමාජිකයා ලෙස වාර්තා ලැබී ඇතත් Cairns හිදී සිදුකල පරීක්ෂණයේ ප්‍රථිඵලය අසම්පූර්ණ බවයි වාර්තා වන්නේ.

මේ අතර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා පැමිණි මළල ක්‍රීඩකයන් දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් ඔලිම්පික් ගම්මානයේ සිටියදී සිදුකල පරීක්ෂාවලදීයි මේ බව තහවුරු කරගෙන ඇත්තේ.

ඔලිම්පික් ගම්මානයෙන් ක්‍රීඩකයන් ආසාධිතයන් ලෙස හඳුනාගත් පළමු අවස්ථාව මෙයයි.

ඊයේ දිනයේදී ඔලිම්පික් නිලධාරියෙකුද කොවිඩ් ආසාධිතයෙකු ලෙස තහවුරු කරගත් බව ටෝකියෝ තරග සංවිධායකයන් සඳහන් කලා.

අද දිනයේදී කොවිඩ් ආසාධිත බවට හඳුනාගත් ක්‍රීඩකයන් කුමන රටක අය දැයි මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නැහැ.

 

Pic – AAP