High tempo අඩුකර කොවිඩ් අඩු කරන්න දකුණු කොරියාව සැරසෙයි

කොවිඩ් රෝගය ව්‍යාප්තවීම වළක්වාලීම සඳහා දකුණු කොරියාව විසින් සෝල් අගනුවර ශරීර සුවතා මධ්‍යස්ථාන සහ නර්ථන උපදේශන ස්ථාන වෙත නව නියමයන් පණවා තිබෙනවා.

ඒ අනුව අධික වේගයෙන් ගීත වාදනය (High tempo) සීමා කර ඇති අතර Treadmill උපකරණ සඳහාද උපරිම වේගයක් නියම කර තිබෙනවා.

ශ්වසන වේගය අඩු මට්ටමක පවත්වා ගැනීම සහ දහදිය දැමීම අවම කිරීම සඳහායි මෙම උපදෙස් නිකුත් කර ඇත්තේ.

කොවිඩ් පළමු රැල්ලේදී දැඩිව බලපෑමට ලක්වූ රටක් වන දකුණු කොරියාව තුළ මේ වනවිට නැවතත් වෛරසය හිස ඔසවමින් පවතින තත්වයකුයි දක්නට ඇත්තේ.

 

Pic – Getty Images

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »