ඩොලර් රැකගන්න ලංකා ආණ්ඩුවෙන් අලුත් නීති

ශ්‍රී ලංකාව තුළ ඇති විදෙස් මුදල් පිටවීම සීමාකිරීම සඳහා රෙගුලාසි කිහිපයක් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතුවයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ඇති වත්කමකින්, මුදල් ත්‍යාග ලෙස විගාමිකයෙකු (emigrants) ලද අරමුදල්වලින් සංක්‍රමණික දීමනාව යටතේ එවන අරමුදල් ආපසු සියරට යැවීම අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම විගාමිකයින්ගේ අරමුදල් ආපසු සියරට යැවීම අමෙරිකානු ඩොලර් 10,000 ක් හෝ ඒ සමාන ප්‍රමාණයක් දක්වා සීමා කර ඇති අතර පොදු අවසරය යටතේ විගාමිකයින් සඳහා සුදුසුකම් ලත් සංක්‍රමණික දීමනාව අදාළ කාලය තුළ අමෙරිකානු ඩොලර් 30,000 හෝ ඒ සමාන උපරිමයක් දක්වා සීමා කර ඇති බව ද සඳහන්.

විගාමිකයින් අර්ථ සාධක අර්මුදල්, විශ්‍රාම වැටුප් හෝ එවැනි ප්‍රතිලාභ ආපසු සියරට යැවීම අමෙරිකානු ඩොලර් 30,000ක් හෝ ඒ හා සමාන උපරිමයකට යටත් කිරීමටයි අදාළ ගැසට් නිවේදනයෙන් පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාවෙන් පිටත වෙනත් රටක නේවාසික හෝ තාවකාලික නේවාසික වීසා ලබා ගෙන ඇති ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ප්‍රතිමුඛ ප්‍රේෂණ හෝ විදේශ විනිමය නිකුත් කිරීම අමෙරිකානු ඩොලර් 20,000 ක උපරිමයක් දක්වා ද සීමාකර ඇති බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »