කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකාවට / දින 14 ක නීරෝධායනයට

එංගලන්තයේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා ගොස් සිටියදී ජෛව ආරක්ෂණ බුබුළෙන් පිටතට යාමේ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

අද පස්වරු 01 යි 15 ට පමණ එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 504 දරන ගුවන් යානයෙනුයි ඔවුන් කටුනායකට ළගාවී තිබුණේ.

ඔවුන් දින 14 ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමු කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත භාර දුන් බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කලා.

පෙරේදා රාත්‍රී කාලයේ ඩරම් නගරයේ මාර්ගවල සැරිසැරූ බවට මොවුන්ට චෝදනා එල්ල වුණා.

ඒ අනුව ඔවුන් වහාම නැවත මෙරටට කැඳවීමටත් තරග තහණමක් පැණවීමටත් තීරණය කල බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ දිනයේදි නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ.

කණ්ඩායමේ කළමනාකරු විසින් ඉදිරිපත් කළ මූලික වාර්තාවක් පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවද එහි දැක්වුණා.

මේ අතර ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 03 යි 30 ට ආරම්භවීමට නියමිතයි.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »