හෙට රාත්‍රි 12 සිට වික්ටෝරියා Regional ප්‍රදේශවල ලිහිල් වූ නීති සියල්ල මෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය (Regional) ප්‍රදේශයන්හි පවතින කොරෝනා නීතීන්ද ලිහිල් කිරීමට තීරණය කොට තිබේ.

ඒ අනුව හෙට (10) රාත්‍රි 12 සිට

  • මහජන රැස්වීම් සඳහා පුද්ගලයින් 20 දෙනෙකුට සහභාගී විය හැක.
  • මංගල උත්සව සඳහා සහභාගී විය හැකි සංඛ්‍යාව 20 දෙනෙකුට සීමා වේ.
  • අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී විය හැකි සංඛ්‍යාව 75 දෙනෙකුට සීමා වේ.
  • එක් දිනකට වැඩිහිටි පුද්ගලයින් 02 ට පමණක් එක් නිවසකට යාමට හැකියාව හිමි වන අතර ඔවුන්ගේ යැපෙන්නන් හටද යාමට අවසර හිමි වේ.
  • අවන්හල් සහ ආපනශාලා සඳහා පුද්ගලයින් 150 දෙනෙකුගේ උපරිම සීමාවට යටත්ව නැවත විවුර්ත කල හැකි නමුත් සියලුදෙනා අසුන් ගැනීම අනිවාර්ය වන අතර ආවරණය කල ස්ථාන සඳහා සිටිය හැකි උපරිමය 75 දෙනෙකුට සීමා වේ.
  • ආගමික උත්සව සඳහා සහභාගී විය හැකි සංඛ්‍යාව 150 දෙනෙකුට සීමා වන අතර ආවරණය කල ස්ථාන සඳහා සිටිය හැකි උපරිමය 75 දෙනෙකුට සීමා වේ.
  • රැකියා ස්ථාන සඳහා එම රැකියා ස්ථානයේ සමස්ත කාර්යමණ්ඩලයෙන් 50% ප්‍රතිශතයකට නැවත යා හැක.
  • ප්‍රජා ක්‍රීඩා පුහුණු කටයුතු නැවත ආරම්භ කල හැක.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශය තුල සංචාරය කිරීමට අවසර හිමි වේ.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »