වික්ටෝරියා Lockdown තත්වය අපේක්ෂා කල දිනට පෙර ඉවතට ???

මෙල්බර්න් නුවරින් හමුවූ කොවිඩ් ආසාධිතයන් බව පැවසූ දෙදෙනෙකුට වෛරසය වැළඳී නොමැති බවට තහවුරුවීමත් සමග වික්ටෝරියා Lockdown තත්වය අපේක්ෂා කල දිනට පෙර ඉවත් කෙරෙනු ඇති බවට අනාවැකි පළවනවා.

මේ අනුව මෙල්බර්න් කොවිඩ් පොකුර 61 දක්වා අඩුවී ඇත.

අදාළ ආසාධිතයන් දෙදෙනාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් විශාල පිරිසක්ද මේ වනවිට නිරෝධායන තත්වයෙන් ඉවත් කර තිබේ.

මින් එක් අයෙකු කාන්තාවක වන අතර ඇය Metricon display homes පරිශ්‍රයේ ආසාධිතයෙකු ලෙස වාර්තා වී තිබුණා.

අනෙක් තැනැත්තා පිරිමි අයෙකු වන අතර ඔහු Bright Beach හෝටලයෙනුයි කොවිඩ් ආසාධිතයෙකු බවට හෙළිවී තිබුණේ.

මෙම දෙදෙනාගේ සමීප ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන දැනට නිරෝධායනය කර ඇති සියල්ලන් ඉන් මුදා හැරීමටද වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »