සිඩ්නි Double Bay හි Woolworths වෙත ගිය පාරිභෝගිකයන්ට දැනුම්දීමක්

සිඩ්නි නගරයේ Woolworths වෙළඳ සංකීර්ණය වෙත පැමිණි පාරිභෝගිකයන්ට වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවන ලෙස දන්වා තිබෙනවා.

ඒ මෑතකදී හඳුනාගත් ආසාධිතයන් දෙදෙනා පැමිණ තිබූ බවට වාර්තා වීමත් සමගයි.

පසුගිය සඳුදා පෙරවරු 10.45 ත් 11 ත් අතර Double Bay හි Woolworths වෙත පැමිණි අය වෙතයි මෙම දැනුම්දීම කර ඇත්තේ.

සිඩ්නි හි 50 හැවිරිදි අයෙකු වෛරස ආසාධිතයෙකු ලෙස වාර්තා වූ පසුගිය බදාදා යින් පසු මේ වනවිට  Greater Sydney, Wollongong, Central Coast – the Blue Mountains ප්‍රදේශ සඳහා සීමා පණවා තිබේ.