ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම සහ අඩුවෙන්ම අයදුම් කරන රැකියා ගැන තොරතුරු හෙළිවෙයි

මේ වන විට ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන්නන් අතර වඩාත් ජනප්‍රියම රැකියා ක්ෂේත්‍ර ලෙස Hospitality සහ සංචාරක ක්ෂේත්‍ර දැක්විය හැකි බව Seek වෙබ් අඩවිය පවසයි.

එහිදී Waiting Staff, Kitchen & Sandwich Hands සහ Housekeeping යන රැකියා සඳහා වැඩිපුර අයදුම් කරන බව සඳහන්.

එමෙන්ම පරිපාලන ක්ෂේත්‍රයේ ඇතැම් රැකියා සඳහා ද මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ වැඩියෙන් අයදුම් කරන බව වාර්තා වේ.

ඒ අතරින් Receptionists, Data Entry & Word Processing සහ Administrative Assistants යන තනතුරු සඳහා මේ වන විට වැඩිපුර අයදුම් කරන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ අඩුවෙන්ම ඉල්ලුම් කරන රැකියා ක්ෂේත්‍ර අතරින් සෞඛ්‍ය සේවා සහ වෛද්‍ය අංශ ප්‍රමුඛ ස්ථානයක් ගනී.

එම ක්ෂේත්‍ර වලින් Nursing – Midwifery, Neo-Natal, SCN & NICU යන රැකියා සඳහා ඔස්ට්‍රේලියාවේ සාපේක්ෂව ඉතා අඩු පිරිසක් අයදුම් කරන බව අනාවරණය වී තිබේ.

ඊට අමතරව Tax Law, Insurance & Superannuation Law සහ Construction Law රැකියා සඳහා ද ඉතා අඩු පිරිසක් අයදුම් කරන බව සඳහන්.

(SBS)

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »