කොවිඩ් ආසාධිතයෙකු නිසා බ්‍රිස්බන් ගුවන් තොටුපළේ අවන්හලක් සහ වැසිකිලි අධි අවධානම් කලාප කෙරේ

කොවිඩ් ආසාධිතයෙකු ගමන් කර ඇතැයි අනාවරණ වීමත් සමග බ්‍රිස්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අවන්හලක් සහ වැසිකිලි අධි අවධානම් කලාප ලෙස නම් කර තිබෙනවා.

ඔවුන් ආසාධිතයන් බව දැනුවත්ව සිටියදී පවා බළධාරීන් විසින් හරිත කලාපය (Green Zone) වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස පැපුවා නිව් ගිනියාවේ සිට පැමිණ තිබූ අතර කටාර් හි දෝහා දක්වා ගමන් කිරීමයි සැළසුම් වී තිබුණේ.

මෙම සිද්ධියත් සමග නවසීලන්තය දක්වා ගමන් කිරීමට නියමිත වූ මගීන් 400 දෙනෙකු පමණ ආශ්‍රිතයන් බවට පත්වී තිබෙනවා.

ඔවුන් සියලුදෙනාට නිරෝධායනය වන ලෙසටයි දන්වා ඇත්තේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »