ක්වන්ටාස් ජාත්‍යන්තර ගුවන් ගමන් අරඹන දිනය එළියට

ඔක්තෝබර් අවසානය වනවිට ජාත්‍යන්තර ගුවන් ගමනාන්ත රැසකට නැවත ගමන් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ක්වන්ටාස් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් පවසනවා.

මේ වනවිට ඊට අදාළ සැළසුම් සකස් කරමින් පවතින බවයි ඔන්ලයින් ක්‍රමයට පැවැත්වූ සම්මන්ත්‍රණයකදී ඔහු කියාසිටියේ.

ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර සංචාරක බුබුළ ලබන 19 වනදා ආරම්භවීමට නියමිත අතර තවත් රටවල් සමග එවැනි ගිවිසුම්වලට එළැඹිය යුතු බවයි ක්වන්ටාස් ප්‍රධාන විධායක නිළධාරියා සඳහන් කලේ.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »