සතුන් සඳහා වන ලොව පළමු කොවිඩ් එන්නත නිපදවයි

සතුන් සඳහා වන ලොව පළමු කොවිඩ් එන්නත නිපදවීමට රුසියාව පියවර ගෙන තිබේ.

ඊට රුසියාවේ රාජ්‍ය පශු වෛද්‍ය සේවයේ අනුමැතිය හිමිවිය.

ලොව පුරා විවිධ සත්ත්ව විශේෂවලට කොවිඩ් ආසාදනය වීමේ සිදුවීම් වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් පර්යේෂකයින් පවසන්නේ මිනිසුන්ට රෝගය පැතිරවීමට සතුන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන බවට දැනට කිසිදු සාක්ෂියක් නොමැති බවය.

කෙසේ වෙතත් වෛරසයට නිරාවරණය වීමට වැඩි අවධානමක් තිබීම හේතුවෙන් ඩෙන්මාර්කය ගොවිපොළ රැසක සිටින මින්ක් නම් මුගටි විශේෂයට අයත් මිලියන 17ක් මරා දැමීම දැඩි මතභේදයට තුඩුදුන්නේය.

එම කාරණා සැළකිල්ලට ගනිමින් විශේෂඥයින් පවසන්නේ සතුන් වෙනුවෙන් කොවිඩ් එන්නත අවශ්‍යතාව පහසුවෙන් බැහැර කළ නොහැකි බවය.

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ වැඩිපුර මුදල් වැය කරන්නේ මොනාට ද?

ඔස්ට්‍රේලියානුවන් වැඩිපුර මුදල් වැයකරන අංශ හදුනාගෙන තිබෙනවා. ඒ අනුව සුපිරි වෙළඳසැල්, බලශක්ති සපයන්නන් සහ ගුවන් සමාගම්  විශාල ලාභයක් ඉපැයිමේ අරමුණින් ජනතාව වෙත අදික පිරිවැයක් පවරන බවටයි  ආර්ථික විශේෂඥයින් චෝදනා කරන්නේ. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ඇලන් ෆෙල්ස් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් මෙම අංශ ත්‍රිත්වය සදහා බොහෝ විට අධික මිල ගණන් ගෙවන බවයි. ජනතාවට උද්ධමනයේ බලපෑම ඉහළ වන අතර පාරිභෝගිකයින් අඛණ්ඩව එම අංශ සදහා අධික ලෙස මිල ගණන් ගෙවනු ඇති බව සදහන්. ෆෙල්ස් ප්‍රකාශ කළේ මේ

Read More »

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »