මෙල්බර්න් ද්විත්ව ඝාතන නඩුව විසඳීමට ඩොලර් මිලියනයක ත්‍යාගයක්

දශක තුනකට පෙර මෙල්බර්න් හි ගිනිකොන දෙසින් ඝාතනයවූ සහෝදරයෙකු සහ සහෝදරියකගේ ද්විත්ව ඝාතන නඩුව විසඳීම සඳහා ඩොලර් මිලියනයක ත්‍යාගයක් පිරිනැමේ.

ඩොරිස් මැකාර්ට්නි සහ රොනල්ඩ් ස්වන් 1989 ඔක්තෝබර් 22 වන දින මොරබ්බින් හි කීත් වීදියේ නිවසේදී මියගොස් සිටියහ.

මැකාට්නි මහත්මියගේ මිතුරෙකු මෙම යුවළගේ සිරුරු සොයාගෙන පොලිසියට දැනුම් දී තිබිණ.

වික්ටෝරියා පොලිසියේ ප්‍රධාන කොමසාරිස්  පවසන්නේ මෙතෙක් විසඳී නොමැති මෙම මරණ පිලිබඳ නිවැරදි තොරතුරකට ඩොලර් මිලියනයක් දක්වා ත්‍යාගයක් ගෙවන බවයි.

ඩොරිස් මැකාර්ට්නි සහ රොනල්ඩ් ස්වන්ගේ ඝාතන පිළිබඳ තොරතුරු ඇති ඕනෑම අයෙකුට 1800 333 000 අංකය හරහා තොරතුරු දිය හැකිය.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »