ඔබත් මව්බිමට යන්නද ඉන්නේ ? මෙන්න අලුත්ම නිරෝධායන රෙගුලාසි

Guangzhou Flight Arrives In Perth As Australia Issues Entry Restrictions On Foreign Nationals AIR PORT

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් යාවත්කාලීන කල නව නිරෝධායනය ක්‍රියාදාමය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව කොවිඩ් 19 සඳහා වන එන්නතේ නිර්දේශිත මාත්‍රාවන් සම්පුර්ණ කිරීමෙන් සති දෙකකට පසුව ශ්‍රී ලාංකික පුරවැසියන් / ද්විත්ව පුරවැසියන් සහ විදේශීය පුරවැසියන් මෙරටට පැමිණිය යුතු අතර ගුවන් තොටුපොළේ දී එන්නත් කරණය සම්බන්ධයෙන් වන සහතිකයේ මුල් පිටපත (ඉංග්‍රීසි භාෂාවෙ පරිවර්ථනයක් ද සහිතව ) ගුවන් තොටුපොල බලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතුය.

ඉන් අනතුරුව ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙතට යොමු කරනු ලබන අතර පැය 24 ක කාලයක් තුලදී PCR පරීක්ෂණයකට ලක් කරනු ඇත.

එම PCR වාර්තාවේ ප්‍රථිපල අනුව ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිදහස් කිරීමට කටයුතු කෙරෙනු ඇත.

නිරෝධායන මධ්‍යස්ථානයේ සිට සිය නිවෙස් කරා යාමට ඔවුන් ගමන් පහසුකම් සපයා ගැනීම සිදුකළ යුතුය.

නිවෙසට පැමිණීමෙන් පසු ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දීම සිදුකළ යුතුය.

නිසි එන්නත්කරණයකට ලක්ව සිටින සහ PCR පරීක්ෂණයෙන් සමත්වන පුද්ගලයින් නිවෙස් නිරෝධායනයට ලක්වීමේ අවශ්‍යතාවයක් නොමැත.

නිවසට පැමිණීමෙන් දින 07 කට පසුව ඔවුන් යලිත් වරක් PCR පරීක්ෂණයකට ලක්විය යුතුය.

යම් හෙයකින් මෙලෙස පැමිණෙන පුද්ගලයින්ට ස්වශන ආබාධ හෝ වෙනත් රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් ඔවුන්  වහාම සෞඛ්‍ය බලධාරීන්ට ඒ පිළිබඳව දැනුම්දිය යුතුවේ.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »