නේපාලයත් නොදැන නේපාලයට ආ COVID එන්නත්

බහරේනයේ මොහොමඩ් හමාඩ් මොහොමඩ් අල් කලීෆා කුමරු නිසි අනුමැතියකින් තොරව කොවිඩ් 19 එන්නත් තොගයක් සිය රට තුළට රැගෙන ඒම සම්බන්ධයෙන් නේපාලය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, පූර්ව අනුමැතියකින් තොරව රට තුළට ඖෂධ ගෙන ඒමට නොහැකි පසුබිමක් තුළ බහරේන කුමරු මෙලෙස එන්නත් රට තුළට රැගෙන ආවේ කෙසේ ද යන්න සම්බන්ධයෙන්  එරට ඖෂධ නියාමකයින් මෙලෙස විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත් මාත්‍රා 2,000 ක තොගයක් රැගෙන අල් කලීෆා කුමරු ප්‍රමුඛ කණ්ඩායම නේපාලයට පැමිණ ඇත්තේ, පසුගිය සඳුදා (15) ය.

රජ කුමරුගේ මෙම ගමන සංවිධානය කළ කණ්ඩායමේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, කුමරු ප්‍රමුඛ කණ්ඩායම දින 7 ක් නිරෝධායනය වීමෙන් අනතුරුව ගොර්කාහි සමගෝන් ගම්මානයේ ජනතාවට එන්නත් ලබා දීමට බලාපොරොත්තු වන බවයි.

තව ද කුමරු ඇතුළු  කණ්ඩායම පසුව එවරස්ට් කන්ද තරණය කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »