තරගාවලිය පරාදවුණු ලංකාවට දඩයකුත් ගහයි – ධනුෂ්කට දැඩි අවවාදයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි 03 වන හෙවත් අවසාන එක්දින තරගයේදී පන්දුයැවීමේ අඩු වේගයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 40 ක දඩයක් පණවා තිබෙනවා.

නියමිත වේලාවට පන්දුවාර 02 ක් අඩුවෙන් යවා තිබිම සම්බන්ධයෙනුයි අයි සී සී ය විසින් මෙම දඩය නියම කර ඇත්තේ.

මේ අතර නිකොලස් පූරන් ගේ දැවීයාමත් සමග ඔහු අපහසුතාවයට පත්වන වදන් භාවිත කිරිමේ චෝදනාවට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට තරග තීරකවරයා විසින් දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

එමෙන්ම ඔහුට අප්‍රසාද ළකුණක්ද පිරිනමා ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කලේ.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »