TikTok තාරකාවක් වෙඩි තබා ඝාතනය කරයි

ඉරාකයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ඕම් ෆහාඩ් නම් තරුණිය බැග්ඩෑඩ් හි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඉරාකයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළේ TikTokහි ප්‍රසිද්ධියට පත් කාන්තාවක් නාඳුනන කණ්ඩායමක් විසින් ඝාතනය කර ඇති බවයි.

ඇයගේ මරණය විමර්ශනය සඳහා විශේෂිත කණ්ඩායමක් යොදවා ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.

ෆහාඩ්ගේ සැබෑ නම ගුෆ්රාන් සවාදි වන අතර ඇයගේ මෝටර් රථයට වෙඩි තබා ඇත්තේ යතුරුපැදියකින් පැමිණි තනි පුද්ගලයකු විසින් බව වාර්තා වනවා.

ඉරාක ආරක්ෂක මූලාශ්‍රයක් පැවසුවේ ප්‍රහාරකයා ආහාර බෙදා හරින නියෝජිතයෙකු ලෙස පෙනී සිට ඇති බවයි.

ඕම් ෆහාඩ් TikTok හි ප්‍රසිද්ධියට පත් වූයේ ඇය හැඩ ගන්වන ඇඳුම්වලින් පොප් සංගීතයට නර්තනයේ යෙදෙන වීඩියෝ හේතුවෙන්.

ඇයගේ වීඩියෝ හේතුවෙන් විනීතකම සහ පොදු සදාචාරය හෑල්ලු වන බවට ලැබුණු අධිකරණ නියෝගයක් හමුවේ මෙම තරුණියට පසුගිය 2023 වසරේ මාස හයක සිර දඬුවමක් ද නියම වුණා.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »