ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

හදිසි කාර්ය සාධක බලකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුම් ප්‍රධානි මාර්ක් වයිට්චර්ච් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට යන බෝට්ටු කිසිවක් වසරක් පුරා තමන් දැක නොමැති බවයි.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සමුද්‍ර ආරක්ෂක මෙහෙයුමක් වන ‘දිසි රළ’ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

දිසි රළ මෙහෙයුම සමුද්‍රීය වටපිටාව ආරක්ෂා කිරීමේ වගකීම අවධාරණය කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මෙම අවස්ථාව අමතමින් වයිට්චර්ච් පැවසුවේ මිනිස් ජාවාරම් වැනි සංකීර්ණ ගැටලු සඳහා ඒකාබද්ධ විසඳුම් අවශ්‍ය බවයි.

ඊට මහ ජනතාවගේ මැදිහත් වීම අත්‍යවශ්‍ය වන අතර මිනිස් ජාවාරම් මැඩලීමට ප්‍රජාවගෙන් ලැබෙන තොරතුරු ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ඔහු සඳහන් කළා.

ජාවාරම්කරුවන්ට මිනිස් ජීවිතයක් පිළිබඳ වටිනාකමක් නොමැති අතර ඔවුන්ගේ එකම අවධානය ලාභ ඉපැයීමයි.

එබැවින් එවැනි සාපරාධී ක්‍රියාවන්ගෙන් මිනිසුන් ආරක්ෂා කිරීමට ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව වෙහෙස නොබලා කටයුතු කරන බව මාර්ක් වයිට්චර්ච් අවධාරණය කළා.

ඒ අනුව පසුගිය වසර පුරා, ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට යාමට උත්සාහ කරන කිසිදු බෝට්ටුවක් නිරීක්ෂණය කර නොමැති අතර මෙහෙයුම් ඵලදායී බවට එමගින් ඔප්පු වෙමින් ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »