පාසලකින් දැරියක් පැහැරගෙන ගිය මෙල්බන් කාන්තාවක් අත්අඩංගුවට

මෙල්බර්න් හි පාසලකින් කුඩා දරුවෙකු පැහැරගෙන ගිය බවට වන චෝදනා මත කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙල්බර්න් හි ෆිට්ස්රෝයි හි ජෝර්ජ් වීදියේ ප්‍රාථමික පාසලකින් දරුවෙකු අනවසරයෙන් රැගෙන ගිය බවටයි 35 හැවිරිදි කාන්තාවට චෝදනා එල්ලවී ඇත්තේ.

පොලිසිය ප්‍රකාශ කළේ සැකකාරිය අද උදෑසන 9ට පමණ ප්‍රාථමික පාසලට ගොස් පස් හැවිරිදි දැරියක් රැගෙන ගොස් ඇති බවයි.

මෙම කාන්තාව පෙරවරු 9.40ට පමණ බ්‍රන්ස්වික් වීදියේ ඇතර්ටන් උද්‍යානය වෙත දරුවා සමඟ පා ගමනින් ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු පැවසුවේ ප්‍රාථමික පාසලේ බලධාරීන් මෙම සිදුවීම පිළිබඳව දැනගත් වහාම පොලිසියට දැනුම් දුන් බවයි.

පසුව එම කාන්තාව සහ දරුවා උද්‍යානයේ සිටින ආකරය දුටු මහජනතාව විසින් පොලිසියට කළ දැනුම් දීමකට අනුවයි සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවේ.

දැරියට සුළු තුවාල සිදුවී ඇති අතර ඇය රෝහල් ගත කර තිබෙනවා.

මෙම කාන්තාව දැරිය පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අතර ඇය අද රාත්‍රියේ මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »