සේවකයන්ට හිග වැටුප් ගෙවන්න සුපිරි වෙළඳසැලකට නියෝගයක්

වික්ටෝරියානු කම්කරුවන් 1200කට පමණ ඩොලර් මිලියනයකට වැඩි නිවාඩු හිමිකම් ගෙවීමට අපොහොසත් වූ බවට Woolworths සුපිරි වෙළඳසැල පිළිගැනීමත් සමග ඩොලර් මිලියන 1.2ක දඩ මුදලක් පනවා තිබෙනවා.

Woolworths සුපිරි වෙළඳසැල් දැවැන්තයා ඩොලර් බිලියන 10 කට වඩා වැඩි උපරිම දඩයකට මුහුණ දී සිටිය ද සිකුරාදා මෙල්බර්න් මහේස්ත්‍රාත් විසින් එම දඩ මුදල ඩොලර් මිලියන 1.2 දක්වා පහත දමා තිබුණා.

Woolworths සුපිරි වෙළඳසැල 2022 වසරේ පෙබරවාරි මාසයේදී වික්ටෝරියා කම්කරුවන් වෙත ගෙවූ වැටුප් ලේඛන පද්ධති සමාලෝචනය කිරීමෙන් පසුවයි වැටුප් නීති උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ලවී ඇත්තේ.

ගෙවීම් ගණනය කිරීමේ විෂමතා හේතුවෙන් සමාගමෙන් ඉවත් වූ සේවකයින්ට ද හිඟ වැටුප් ලබා දිය යුතු බවට නිර්දේශ ඉදිරිපත් ව තිබුණා.

2020 වසරේ ජනවාරි මාසයේ සිට 2022 වසරේ ජූලි දක්වා කාලය තුළ අවස්ථා 3617කදී සේවකයන්ට අඩු වැටුප් ගෙවීම් සිදු කර ඇති බවටයි විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ.

එහි ප්‍රතිඵලයක් ලෙස වික්ටෝරියානු ප්‍රාන්තයේ හිටපු Woolworths කාර්ය මණ්ඩල 1227 දෙනෙකුට ඩොලර් මිලියනයක පමණ හිඟ වැටුප් හිමිවන බව සඳහන්.

නිවැරදිව වැටුප් ලබා දීම සහතික කිරීමට Woolworths සුපිරි වෙළඳසැල එකඟවී ඇති අතර චෝදනා එල්ල වීමට පෙර බලධාරීන් වින්දිතයන්ගෙන් සමාව අයැද ඇති බව ද සඳහන්.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »