උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට

ජනප්‍රිය උපකාරක පන්ති දේශකයෙකු හා ගත් කතුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල අද (25) දිනයේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරිමට යැයි පවසා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන කාලයක් තිස්සේ එම මුදල් නැවත ලබා නොදුන් බව කියමින් උපුල් ශාන්ත සන්නස්ගලට එරෙහිව නුවන් ප්‍රදීප් නම් ව්‍යාපාරිකයකු විසින් කදාන පොලීසියට අප්‍රේල් මස 09 වැනිදා පැමිණිල්ලක් කර ඇත්තේ.

නැවත ලබාදෙන පොරොන්දුව මත වසර දෙකකට පෙර එම මුදල ලබාගත්තද එම මුදල් ලබානොදුන් බව කියමින් කළ එම පැමිණිල්ලට අදාලව උපුල් ශාන්ත සන්නස්ගල මහතාව පොලීසිය හමුවට ඊයේ කැදවා තිබෙනවා.

උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය හමුවට ඒ අනුව ඊයේ පැමිණ පවසා ඇත්තේ එම මුදල තමාට ලැබුනේ පරිත්‍යාගක් ලෙස බවයි.

එම මුදල සති දෙකක් තුළ ලබාදීමට සන්නස්ගල මහතා එහිදී පොලීසිය හමුවේ එකඟ වූ බව වාර්තාවී තිබෙනවා.

එසේ තිබියදී සන්නස්ගල අත්අඩංගුවට ගත් බව අද වාර්තා වනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »