TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ යෝජනාවට අමෙරිකානු සෙනෙට් මණ්ඩලය ඊයේ සම්මත කිරීමෙන් පසුවයි අමෙරිකානු ජනාධිපතිවරයා ඊට අත්සන් තබා ඇත්තේ.

නව යෝජනාවට අනුව ටික්ටොක් හිමි byte dance සමාගමට සිය කොටස් වෙන්දේසි කිරීම සඳහා මාස 09ක කාලයක් ලබා දී ඇති අතර එසේ නොකළහොත් අමෙරිකාව තුළ ටික්ටොක් තහනම් වනු ඇති.

චීනය පදනම් කරගත් මව් සමාගමක් වන ByteDance අනුමත ගැණුම්කරුවෙකුට යෙදුම විකුණන්නේ නම් පමණක් TikTok තවදුරටත් ඇමරිකාවේ ක්‍රියාත්මක වන බවයි පනතේ දැක්වෙන්නේ

ඊයේ මෙම පනතට සෙනෙට් මණ්ඩලයේ නීති සම්පාදකයින්ගෙන් පුලුල් සහයෝගයක් ලැබුණු අතර සෙනෙට් සභිකයින් 79 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර 18 දෙනෙකු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය සතියේ ටික්ටොක් සමාජ මාධ්‍ය සමාගම කියා සිටියේ මෙම පනත ඇමරිකානුවන් මිලියන 170කගේ නිදහස් කථන අයිතිය උල්ලංඝනය කිරීමක් බවයි.

එමෙන්ම එමගින් ව්‍යාපාර මිලියන හතක් විනාශ කරන අතර වාර්ෂිකව එක්සත් ජනපද ආර්ථිකයට ඩොලර් බිලියන 24ක් හිමිවන වේදිකාවක් වසා දැමෙන බව ද ඔවුන් සඳහන් කර තිබුණා.

මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන් පිළිබඳ දත්ත චීනය අතට පත්විය හැකි බවට ඇති බිය හේතුවෙනුයි බීජිං පදනම් කරගත් TikTok සමාගමෙන් කොටස් බෙදීමට කොන්ග්‍රසය උත්සාහ දරමින් සිටින්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »