ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2024 ජූලි 1 වනදා සිට එම නීතිය බලාත්මක වන අතර තාවකාලික උපාධි වීසා වැඩසටහන් රැසක වෙනස්කම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියා රජය මෑතකාලිනව සිදු කළ සංක්‍රමණ උපාය මාර්ගවල වෙනස්කම්වලට අදාළව තාවකාලික උපාධි වීසා වැඩසටහන් සම්බන්ධව නව යෝජනා මීට ඇතුලත් කර තිබෙනවා.

මෙහිදී පශ්චාත් උපාධි අධ්‍යනයන් සදහා හොංකොං සහ බ්‍රිතාන්‍ය ජාතික විදේශ ගමන් බලපත්‍ර හිමි සංක්‍රමණිකයින්ට වයස අවුරුදු 50ට අඩු වන්නේ නම් ඒ සඳහා අවස්ථාව ලබාදීම විශේෂත්වයක්.

මෙලෙස වයස් සීමාව අඩු කිරීම හේතුවෙන් පශ්චාත් උසස් අධ්‍යාපනය සදහා තවදුරටත් සුදුසුකම් නොලබන අයදුම්කරුවන්හට වෙනත් වීසා බලපත්‍ර ක්‍රම හඳුන්වා දීමටද යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/temporary-graduate-485/changes

 

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »