පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

මෙම ඇල්ගී හේතුවෙන් සමේ කැසීම ඇතිවීමේ අවදානමක් ඇති බවටයි වෙරළ භාවිත කරන ජනතාවට දැනුම් දෙන්නේ.

බටහිර ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම ඇල්ගී විශේෂය ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසටයි.

ඒවා ස්පර්ශ වීමෙන් සම හිරි වැටීම හෝ කැසීම වැනි අසාධන ඇති කළ හැකි බව සඳහන්.

ජලයේ ඇල්ගී අඩංගු විය හැකි බැවින් ජලයේ දුර්වර්ණ වීම් සහිත ප්‍රදේශවල පිහිනීම, කිමිදීම, ජෙට් ස්කීං සහ මසුන් ඇල්ලීමෙන් වැළකී සිටිය යුතු වනවා.

සුරතල් සතුන් ද එම ප්‍රදේශවල මුහුදට රැගෙන යාමෙන් වළකින ලෙසට දැනුම්දී තිබෙනවා.

රාජ්‍ය නිලධාරීන් විසින් බලපෑමට ලක්විය හැකි ප්‍රදේශ අධීක්ෂණය කරන අතර අනතුරු ඇඟවීමේ පුවරු ස්ථාපිත කිරීමට ද නියමිතයි.

දුර්වර්ණ වූ ජලය හෝ ඇල්ගී ස්පර්ශ වුවහොත් වහාම එය පිරිසිදු ජලයෙන් සෝදා ඉවත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු බවට දැනුම් දෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »