Anzac Day සැමරුමට දහස් ගණනක් එක්වෙයි

ඇන්සාක් දිනය සැමරීම සඳහා ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් හිරු උදාවීමට පෙර තම නගරවල රණවිරු ස්මාරක සහ සොහොන් කොත් වෙත පැමිණ සිටියා.

රණවිරු සැමරුම් සදහා වැඩිම ජනකායක් එක්ව සිටියේ මෙල්බන් නගරයට වන අතර උදෑසන 5.30ට පමණ එම අනුස්මරන ස්ථාන වෙත ජනතාව ඇදී ආ බව සඳහන්.

එසේම උදෑසන 8.30 රණවිරුවන් සිහිකරමින් පාගමනක් ද මෙල්බන්හිදී ආරම්භ වුණා.

පසුගිය වසරේ ඇන්සාක් දිනය සැමරීම සඳහා මෙල්බන් නගරයට 40,000ක පිරිසක් සහභාගී වූ අතර අද දිනයේදීත් එවැනිම ජනකායක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

අද දිනය පුරා ඔස්ට්‍රේලියාවේ සෑම රණවිරු අනුස්මරණ ස්ථානයකදීම මෙම සැමරුම් සිදුවනවා.

බ්‍රිස්බේන්හි පිහිටි ඇන්සාක් චතුරශ්‍රයේ ප්‍රධාන උත්සවය සවිධානය කර ඇති අතර එම කටයුතු අලුයම 4.28ට ආරම්භ වී තිබෙනවා.

පැපුවා නිව්ගිනියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් කොකෝඩා ධාවන පථයේ පා ගමනක නිරත වෙමින් අදාළ සැමරුම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »