ඩයනා කුමරියගේ පළමු රැකියා ලිපිය වෙන්දේසියට

බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ පළමු රැකියා කොන්ත්‍රාත්තු ලිපිය වෙන්දේසි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඩයනා ස්පෙන්සර් වේල්ස් කුමරු සමඟ විවාහ වීමට වසර දෙකකට පෙර අත්සන් කරන ලද රැකියා කොන්ත්‍රාත්තුව ලෙසයි මෙය සැළකෙන්නේ.

මෙම ලේඛණය ඩොලර් දහස් ගණනකට වෙන්දේසි වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

ඩයනා කුමරිය මෙම කොන්ත්‍රාත් ලිපිය 1979 වසරේ මැයි මාසයේදී කලු තීන්ත සහිත පෑනකින් සම්පුර්ණ කර අත්සන් තැබු ලිපියක් වනවා.

මෙම ලේඛණය ඩොලර් 10000ක මුදලක් දක්වා වටිනාකමකින් වෙන්දේසි කිරීමට බලාපොරොත්තු වන අතර ඩයනා කුමරියගේ පළමු නිල රැකියා කොන්ත්‍රාත්තුව ලෙසටයි මෙය සැලකෙන්නේ.

ඇය මෙලෙස ගිවිසුම් ගතව ඇත්තේ ළමා සුරැකුම් සේවාවක් සඳහා වන අතර ඩයනා කුමරිය ළමා රක්ෂණ කටයුතු සඳහා කැපී පෙනුන චරිතයක් ද වනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »