ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල කොටසක් ලෙස දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරේ බරපතලකම හමුවේ මෝටර් රථ ක්‍රීඩා ඉසව්වල ආරක්‍ෂිත පියවර පිළිබඳ අවධානයට ලක්වී ඇති අතර එම ඉසව්වේ ආරක්‍ෂිත ක්‍රමවේද සහ කළමනාකරණය පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට ද නියමිතයි.

ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන ඊයේ සිදු වූ අනතුරින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ පැවති මෝටර් රථ ධාවන තරඟයක් අතරතුර සිදුවූ මෙම අනතුරින් මියගිය පිරිස අතර 8 හැවිරිදි කුඩා දැරියක් ද සිටින බවයි.

මෙම අනතුරත් සමග තරගයේ ඉතිරි සියලු තරග අවලංගු කිරීමටයි සංවිධායකයින් පියවර ගෙන ඇත්තේ.

ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අනතුරට ලක්වී ඇති අතර එය නැරඹීමට ඉදිරියට පැමිණි පිරිසක් තවත් මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අවසන් වරට 2019 වසරේ අප්‍රේල් 21 වනදා ෆොක්ස් හිල් ධාවන තරගාවලිය පැවැත්වූ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් එම තරගය අතරමග නතර කිරීමට සිදු වී තිබුණා.

ඒ අනුව වසර 5ක කාලයක් තරගාවලිය නොපැවැත්වුණු අතර පාස්කු ප්‍රහාරයට වසර 5ක් ගත වූ ඊයේ දිනයේ තරගය පවත්වන අවස්ථාවේ මෙම අනතුර සිදුවී තිබෙනවා.

මෙවර එම තරගාවලිය නැරඹීම සඳහා විශාල ජනතාවක් ද එක්ව සිටි බව ද සඳහන්.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »