කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

විචාරකයින් පෙන්වා දෙන්නේ මෙම බද්ද කාන්තාවන්ට දැඩි ලෙස බලපාන අතර එය සමානාත්මතා පනත යටතේ ඔවුන්ට වෙනස් කොට සැලකීමක් ලෙසයි.

විශේෂයෙන් ප්‍රමිතියෙන් තොර කාන්තා යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා මගින් විවිධ ආසාධනයන් සිදුවිය හැකි අතර ඇතැම් කාන්තා උඩුකය යට ඇඳුම් මගින් මාංශ පේශි පද්ධතියේ ගැටළු ඇති කරන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

ශරීර ස්කන්ධය වැඩි කාන්තාවන් හොඳ තත්ත්වයේ උඩුකය යට ඇඳුම් ඇඳීමෙන් මෙම ගැටළුවලින් යම් ප්‍රමාණයක් සමනය කළ හැකි අතර මාංශ පේශි ගැටළු වලක්වාගත හැකි බව ද සඳහන්.

2010 වසරේ බ්‍රිතාන්‍යයේ සම්මත වූ සමානතා පනතට අනුව මෙලෙස යට ඇඳුම් සදහා බදු පැනවීමෙන් ද කාන්තාවන්ට වෙනස්කොට සැලකීම සුදුසු නොවන බවයි විචාරකයින් තර්ක කරන්නේ.

දැනට බ්‍රිතානන්‍යයේ පියයුරු පිළිකා සැත්කම් කළ කාන්තාවන්ට පමණක් බදු මුදලින් තොරව බ්‍රෙසියර් මිලදී ගැනීමේ අවස්ථාව උදා කර තිබෙනවා.

දත්ත රැස් කිරීමේ වෙබ් අඩවියක් වන ස්ටැටිස්ටා Statista වෙබ් අඩවියට අනුව 2020 වසරේ දී එක්සත් රාජධානියේ කාන්තා උඩුකය යට ඇඳුමක් සඳහා වැය කළ සාමාන්‍ය මුදල පවුම් 15ත් 30ත් අතර අගයක් ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය ජනවාරි මාසයේදී කාන්තා සංගම් මගින් පැවැත්වූ අරගලවල ප්‍රතිඵලයක් ලෙස සනීපාරක්ෂක තුවා සඳහා පනවා තිබූ බදු මුදල් නිදහස් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.

ඉදිරියේදී කාන්තා උඩුකය යට ඇඳුමක් සඳහා වන බද්දෙන් කාන්තාවන් නිදහස් කර ගැනීමට සූදානම් බවයි වෘත්තීය සංගම් පෙන්වා දෙන්නේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »