අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

නව වීසා ක්‍රමවේදය, අදාළ ගාස්තු, සපුරාලිය යුතු අවශ්‍යතා සහ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ කාලසීමාව 2023.11.27 දිනැති අංක 2360/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇතැයි සඳහන්.

(අදාළ ගැසට් පත්‍රය www.documents.gov.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැකියි).

දැනට ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික් ට්‍රැවල් ඕතරයිසේෂන් (Electronic Travel Authorization) ක්‍රමවේදය වෙනුවට හඳුන්වා දීමට නියමිත අන්තර්ජාල ක්‍රමවේදය වන E-Visa ක්‍රමය ක්‍රියාත්මක කිරීමට GBS Technology Service සහ IVS Global Institute සමඟ එක්ව කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙලෙස මාර්ගගත ක්‍රමවේදයක් හඳුන්වාදීම හරහා වීසා ලබාගැනීමට පහසුකම් සැලසීම තුළින් විදේශීය සංචාරකයන් සහ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමටත්, වීසා බලපත්‍ර සඳහා ඉක්මනින් හා කාර්යක්ෂමව අයදුම් කිරීමට අවස්ථාව ලබාදීමත් අරමුණ බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම විදේශ ආයෝජන වැඩි කර ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වීම ප්‍රධාන අරමුණක් බව ද ඔවුන් නිවේදනය කර තිබෙනවා.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »