සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිඩ්නි හි බටහිර ප්‍රදේශයේ පාසලකින් පිටතදී පසුගිය සිකුරාදා සිදු වූ මෙම පිහි ඇනුමෙන් 18 හැවිරිදි තරුණයෙකු මියගිය අතර ඔහුගේ 19 හැවිරිදි සහෝදරයා තුවාල ලැබුවා.

සිකුරාදා පස්වරු 3.40ට පමණ පවර් ස්ට්‍රීට්හි ඩූන්සයිඩ් උසස් තාක්ෂණ පාසල අසලදී සිදුවූ බව කියන පිහි ඇනුමෙන් පසු පොලිසිය තරුණයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් සැක කළ අතර මේ වන විට අනාවරණ වී ඇත්තේ සිද්ධියට තවත් පිරිමි ළමයින් තිදෙනෙකු සම්බන්ධ බවයි.

18 හැවිරිදි ඉසියා නාඩන් බ්ලැක්ටවුන් පොලිස් ස්ථානයෙන් පිටත පදික වේදිකාවේ මිය ගියේ පිහි ඇනුමට ලක්වීමෙන් පසු ඔවුන් පොලිසිය දෙසට පැමිණෙමින් සිටියදී යි.

නාඩන්ගේ 19 හැවිරිදි සහෝදරයා ශල්‍යකර්මයෙන් පසු ස්ථාවර තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

පොලිසිය පැමිණීමට පෙර, තුවාල ලැබූ පිරිමි ළමයින් දෙදෙනා පාසලේ සිට විනාඩි 15ක් පමණ දුරින් පිහිටි බ්ලැක්ටවුන් පොලිස් ස්ථානයට පැමිණ තිබුණා.

19 හැවිරිදි තරුණයා වෙස්ට්මීඩ් රෝහලේදී ශල්‍යකර්මයකට භාජනය කර රෝහලෙන් පිටව ගොස් ඇතැයි සඳහන්.

සිද්ධියට අදාළව මේ වන විට 15 හැවිරිදි සහ 16 හැවිරිදි තරුණයන් අත්අඩංගුවේ පසුවන අතර මිනීමැරීමේ චේතනාවෙන් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම හෝ බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

ඔවුන් සියලු දෙනාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් අද ළමා අධිකරණයකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »