හිටපු නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම ජිවිතක්ෂයට

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

නිවසේ සිදු වූ අනතුරකින් පසු ඔහු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

පාලිත තෙවරප්පෙරුම එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසට ද කටයුතු කළා.

මිය යන විට ඔහු 64 වන වියෙහි පසු වුණා.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ දේහය කලුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දීමට නියමිතයි.

පාලිත තෙවරප්පෙරුම හිටපු අමාත්‍යවරයා මිට මාස කිහිපයකට පෙර ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීම වෙනුවෙන් සොහොන් බිම ද නිර්මාණය කරගෙන තිබුණා.

තමා මියගිය පසු කිසිවෙකුටත් කරදරයක් නොවීම වෙනුවෙන් තමා විසින්ම එම සොහොන නිර්මාණය කරගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදුවූ සමයේ මෙන්ම ජල ගැලීම්වලින් කලුතර ප්‍රදේශය යටවූ අවස්ථාවලදී තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ජනතාවට ආහාර පාන ලබාදෙමින් සමාජ සේවා කටයුතුවල නිරත වූ අයෙක් ලෙසටයි මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම සැලකෙන්නේ.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »