සිඩ්නි පිහි ඇනුම් නිසා ප්‍රාන්තයේ නීති වෙනස් වෙන ලකුණු

සිඩ්නි හි ප්‍රදේශ දෙකක සිදු වූ පිහි ඇනුම් භයානක ප්‍රවණතාවක් බව බටහිර ඔස්ට්‍රේලියාවේ නීතිපති ජෝන් ක්විග්ලි අනතුරු අඟවනවා.

සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ සමූහ පිහි ඇනුම සහ පල්ලියක බිෂොප්වරයෙකුට පහරදීම භයානක ප්‍රවණතාවක කොටසක් බවයි නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

මෙම තත්වය මත නම් කරන ලද අවදානම් ප්‍රදේශවල පිහි සෙවීමට metal detectors භාවිතා කිරීමට පොලිසියට අවසර දෙන නීතියක අවශ්‍යතාව රජය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළා.

ජෝන් ක්විග්ලි පැවසුවේ වසරක් තුළ ආයුධ 500 කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන ආකාරයට සමාන නීති ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බවයි.

ක්වීන්ස්ලන්ඩ් හි නීති මගින් පොලිසියට වරෙන්තුවක් නොමැතිව සියලුම පරිශ්‍රවල, පොදු ප්‍රවාහන ස්ථානවල සහ පොදු ප්‍රවාහනයේදී මිනිසුන් පරික්ෂා කිරීමට metal detectors භාවිතා කිරීමට අවස්ථාව හිමි වනවා.

ක්විග්ලි පැවසුවේ බොන්ඩායි ජන්ෂන් පිහි ඇනුම සහ සඳුදා රාත්‍රියේ සිඩ්නි පල්ලියක බිෂොප්වරයෙකුට පහරදීම භයානක ප්‍රවණතාවයක කොටසක් බවයි.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »