බ්‍රසීලයේ බෝට්ටුවකින් නරක් වූ මළ සිරුරු 20ක්

ඊසානදිග බ්‍රසීලයේ වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවක තිබී නරක් වූ මළ සිරුරු 20ක් පමණ සොයාගෙන තිබෙනවා.

මෙම බෝට්ටුව අප්‍රේල් 13 වනදා පාරාහි ඊසාන දෙසින් වෙරළ තීරයේ තිබී සොයා ගත් බවයි බ්‍රසීල ෆෙඩරල් රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

එතැන් සිට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් ආරම්භ කර තිබෙනවා.

නිලධාරීන් පැවසුවේ අවම වශයෙන් මළ සිරුරු 20ක් පමණ බෝට්ටුවේ තිබී සොයාගෙන ඇති නමුත් දේහයන් දිරාපත් වීම නිසා බෝට්ටුවේ කොපමණ සංඛ්‍යාවක් මිය ගොස් ඇත්ද යන්න නිශ්චිතව නොදන්නා බවයි.

මියගිය පිරිස බ්‍රසීල ජාතිකයන් නොවන අතර ඇතැම් විට කැරිබියන් දූපත්වලින් පැමිණි අය විය හැකි බව විමර්ශකයින් සඳහන් කළා.

අතුරුදහන් වූ බ්‍රසීල ජාතිකයන් පිළිබඳ මෑත කාලීන වාර්තා නොමැති බව ප්‍රාදේශීය බලධාරීන ප්‍රකාශ කර තිබෙනවා.

මියගොස් ඇත්තේ කවුරුන් ද යන්න හෝ ඔවුන් කුමන රටක පදිංචිකරුවන් පිරිසක් ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැති අතර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »