වඳ වී ගිය කැන්ගරු විශේෂ තුනක් හඳුනා ගැනේ

ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් වඳ වී ගිය කැන්ගරු විශේෂ තුනක් හඳුනාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ වසර මිලියන 5 සිට වසර 40000 දක්වා කාල පරාසයකට පෙර ජීවත් වූ බවට විශ්වාස කරන වඳවී ගිය කැන්ගරු විශේෂ තුනක පොසිල බවයි වාර්තා වන්නේ.

පර්යේෂකයන් පවසන්නේ මෙම පොසිල මගින් වඳ වී ගිය සතුන් පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි බවයි.

ඔස්ට්‍රේලියාවේ විසූ මෙම කැන්ගරු විශේෂ තුන ප්‍රොටෙම්නොඩොන් කුලයට අයත් වන බවට හඳුනාගෙන තිබෙනවා.

පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මෙම කැන්ගරුවන් කිලෝ 170 ඉක්මවු බරක් සහිත වන අතර දැනට වෙසෙන කැන්ගරුවන්ට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල බවයි.

දැනට ඔස්ට්‍රේලියාවෙන් හමුවු විශාලතම කැන්ගරු අවශේෂ හමුව ඇත්තේ කැලබොනා විල ආශ්‍රිතව වන අතර ඉන්පසු හමුව විශාලතම සත්ව අවශේෂ මෙය බව සඳහන්.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »