පාස්කු සති අන්තයේ කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්

පාස්කු සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ අංශ අනාවැකි පළ කරනවා.

දීර්ඝ සති අන්ත නිවාඩුවත් සමඟ ඔස්ට්‍රේලියානුවන් බොහෝ එළිමහන් උත්සව මෙන්ම සංචාර සඳහා සුදානමින් සිටින බැවින් කාළගුණ නිවේදන පිළිබඳ අවදානයෙන් පසුවීම වැදගත් බවයි දැනුම් දෙන්නේ.

මේ අතර මෙම සති අන්තයේ මේගන් සුළි කුණාටුවේ බලපෑම ඔස්ට්‍රේලියාවේ දකුණු සහ නැගෙනහිර කලාපයන්ට බලපෑම් එල්ල කරනු ඇතැයි අනාවැකි පළ වනවා.

කාලගුණ විද්‍යා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ ඩීන් නාරමෝර් පැවසුවේ දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයේ බොහෝ අගනගරවලට අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි.

සිකුරාදායින් ආරම්භ වූ පාස්කු සති අන්තය තුළ සිඩ්නි අගනුවර උෂ්ණත්වය සටහන්ව ඇත්තේ සෙල්සියස් අංශක 25ක් ලෙසයි.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක් ලෙස සටහන් වන අතර වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 60ක් දක්වා වර්ෂාපතනයනක් අපේක්ෂා කරන බව සඳහන්.

සතිඅන්තය පුරාම ක්වීන්ස්ලන්ඩ් අගනුවරට අධික වර්ෂාවක් පුරෝකථනය කර ඇති අතර මේගන් සුළිකුණාටුවේ බලපෑම ද ඉහළ යනු ඇති.

මෙම කාලය තුළ බටහිර ඔස්ට්‍රේලියාවේ සහ දකුණු ඔස්ට්‍රේලියාවේ උෂණත්වයේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 28ත් 31ත් අතර අගයක් ගන්නා බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »