ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

පසුගිය වසරේ මාර්තු මාසයේදී හඳුන්වා දුන් ශල්‍ය සත්කාර පාලන කාර්ය සාධක බලකාය විසින්, සැලසුම් කළ ශල්‍යකර්ම සඳහා බලා සිටින රෝගීන් 14,000 කගේ ලැයිස්තුව 2000 දක්වා අඩු කර ඇති බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය තොරතුරු කාර්යාංශ වාර්තාවේ දත්තවලට අනුව සැලසුම් කළ සැත්කම් සඳහා තවමත් රෝගීන් සිටින අතර, සියයට 83.6ක් සැත්කම් නියමිත වේලාවට සිදු කරන බව සඳහන්.

හදිසි රෝගීන් තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටි සියල්ල නියමිත වේලාවට සිදු කරන බව ද වාර්තාව පෙන්වා දෙනවා.

COVID-19 වසංගතය අතරතුර සෞඛ්‍ය සේවා පද්ධතියට එල්ල වූ පීඩනය හේතුවෙන් සැත්කම්වල පසුබෑමක් ඇති වුව ද මේ වන විට එය යථා තත්වයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කාර්ය සාධක බලකාය විසින් පෞද්ගලික සහ රාජ්‍ය අංශ දෙකෙහිම වෙනස්කම් සිදු කර ඇතැයි බව සෞඛ්‍ය අමාත්‍ය රයන් පාර්ක් ප්‍රකාශ කළා.

ශල්‍යාගාරවල පැය ගණන දීර්ඝ කිරීම, පෞද්ගලික රෝහල් සමඟ ශක්තිමත් හවුල්කාරිත්වයක් ගොඩ නගා ගැනීම, ඉදිරි පෙළ ශල්‍ය වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය සමඟ එක්ව කටයුතු කිරීම ඇතුළු නව ක්‍රියාමාර්ග රැසක් ද ගෙන තිබෙනවා.

විපක්ෂ නායක මාර්ක් ස්පීක්මන් පැවසුවේ ප්‍රාන්තයේ සෞඛ්‍ය සඳහා රජයේ මෙම ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයෙන් ප්‍රයෝජන අත්වන්නේ රජයටම බවයි.

සැත්කම් සම්බන්ධ ක්‍රියාමාර්ගවලින් අනතුරුව හදිසි ප්‍රතිකාර අංශවල කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම කෙරෙහි ඉදිරියේදී අවධානය යොමු කරන බවයි නිව් සවුත්වේල්ස් රජය සඳහන් කළේ.

Today’s Top Stories 2024.05.09

ප්‍රධාන නගර ආශ්‍රිත නිවාස මිල වාර්තාගත ලෙස ඉහළට ලොව අලංකාරම රටවල් 20 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉහළට සිඩ්නි ඇතුලු ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වය තවදුරටත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉවත් කර ගැනීම ඇරඹෙයි

Read More »

ප්‍රධාන ගුවන් සේවයක් ඕස්ට්‍රේලියාවට එන යන ගුවන් ගමන් නවතයි

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවය විසින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සහ ඉන් පිටත් වන ගුවන් ගමන් ඇතුළුව සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

Read More »

ග්‍රාමීය ප්‍රදේශයකට වෛද්‍යවරුන් ආකර්ශණය කර ගන්න අලුත් වැඩක්

පර්ත් හි ගිනිකොන දෙසින් පිහිටි බ්‍රෙමර් බොක්ක ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතනයකට වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීම සඳහා වරප්‍රසාධ රැසක් පිරිනැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »