චීනයෙන් ඔස්ට්‍රේලියාවට සුබ පණිවුඩයක්

ඩොලර් බිලියනයක අපනයන වෙලඳපොල නැවත විවෘත කරමින් ඔස්ට්‍රේලියානු වයින් සඳහා පනවා තිබූ තීරු බදු ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.

වසර ගණනාවක් පුරා පනවා තිබු මෙම බදු හේතුවෙන් අවහිර වී තිබූ ඩොලර් බිලියන 1.1ක වයින් අපනයන වෙළඳපොළක් අද සිට නැවත විවෘත කෙරෙනු ඇති.

චීනය සම්බාධක ඉවත් කිරීම හේතුවෙන් ලෝක වෙළඳ සංවිධානයේ නීතිමය කටයුතු ද අත්හරින බව අගමැති ඇන්තනි ඇල්බනිස් ප්‍රකාශ කළා.

2020 වසරේ සිට චීනය පනවා තිබූ තීරුබදු හේතුවෙන් ඔස්ට්‍රේලියානු වයින් නිෂ්පාදකයින් පත්ව සිටියේ දැඩි පිඩාවකටයි.

එම බදු හේතුවෙන් ඔස්ට්‍රේලියානු වයින් නිෂ්පාදකයින්ට බෝතල් කළ වයින් අපනයනය කිරීමට ද හැකියාවක් ලැබුණේ නැහැ.

වත්මන් රජය 2022 වසරේදී තේරී පත් වූ දිනයේ සිට චීනය සමඟ සබඳතා ශක්තිමත් කිරීම ප්‍රමුඛතාවයක් කර ඇති අතර එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් අනුවයි මෙම බදු ඉවත් කර ඇත්තේ.

වයින් නිෂ්පාදකයන් ප්‍රකාශ කළේ වසර කිහිපයක දුෂ්කර කාලයකින් අනතුරුව රට පුරා මිදි වගා කරන්නන් සහ වයින් නිෂ්පාදකයින්ට සුබවාදී ප්‍රවෘත්තියක් ලැබී ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »