Online අයදුම්පතක් සම්පූර්ණ කරන්න තරුණ ප්‍රජාවට දැනුම්දීමක්

තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තම ආදායමින් හතරෙන් එකක් ග්‍රොසරි අයිතම මිලදී ගැනීම සඳහා වැය කරන බව හෙළිව තිබෙනවා.

ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම විසින් සිදු කළ සමීක්ෂණයකට අනුව හෙළිව ඇත්තේ තරුණ ඔස්ට්‍රේලියානුවන් මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් එකක ද ඔවුන්ගේ ආදායමෙන් සියයට 25ක් සිල්ලර බඩු සඳහා වියදම් කරන බවයි.

අඩු ආදායම්ලාභීන් තම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම මඟහරින අතර ඇතැම් පිරිස් තම දරුවන්ට අවශ්‍ය පෝෂදායි ආහාර වේල් ද මඟහරිමින් සිටින බවයි වාර්තා වන්නේ.

පාරිභෝගිකයින් 13000කට වැඩි පිරිසක් උපයෝගි කරගනිමින් සිදුකළ අධ්‍යනයක දී වැඩි පිරිසක් සඳහන් කර ඇත්තේ සුපිරි වෙළඳ සැල්හි මිලකරණයන් සම්බන්ධයෙන් පැහැදීමක් ද නොමැති බවයි.

සුපිරි වෙළඳසැල් තම භාණ්ඩ මිලකරණය සම්බන්ධයෙන් ආධිපත්‍යයක් පතුරවමින් සිටින බව ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කර තිබෙනවා.

එදිනෙදා අවශ්‍යතා සඳහා වූ ග්‍රොසරි භාණ්ඩවල මිල ඉහළයෑම ජීවන වියදම් අර්බුදයට සෘජුව බලපෑම් කරන බව මෙහිදි හඳුනාගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික මිලකරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා විවෘත සමීක්ෂණයක් අන්තර්ජාලය ඔස්සේ පාරිභෝගික කොමිසම විසින් සිදු කර ඇති අතර අප්‍රේල් 2 වනදාට පෙර එම ඔන්ලයින් අයදුම්පත් සම්පූර්ණ කරන්නැයි තරුණ ඔස්ට්‍රේලියානුවන්ට දැනුම් දී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »