ඥානසාර හිමිට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

ගලබොඩ අත්තේ ඥානසාර හිමිට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසිනුයි අද මෙම නියෝගය ලබා දුන්නේ.

බරපතළ වැඩසහිත සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් ද අධිකරණය විසින් නියම කර තිබෙනවා.

ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමිනුයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු කළ බවට වන චෝදනා මත මෙම නඩුව ගොනු කර තිබුණා.

Today’s Top Stories 2024.05.09

ප්‍රධාන නගර ආශ්‍රිත නිවාස මිල වාර්තාගත ලෙස ඉහළට ලොව අලංකාරම රටවල් 20 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉහළට සිඩ්නි ඇතුලු ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වය තවදුරටත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉවත් කර ගැනීම ඇරඹෙයි

Read More »

ප්‍රධාන ගුවන් සේවයක් ඕස්ට්‍රේලියාවට එන යන ගුවන් ගමන් නවතයි

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවය විසින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සහ ඉන් පිටත් වන ගුවන් ගමන් ඇතුළුව සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

Read More »

ග්‍රාමීය ප්‍රදේශයකට වෛද්‍යවරුන් ආකර්ශණය කර ගන්න අලුත් වැඩක්

පර්ත් හි ගිනිකොන දෙසින් පිහිටි බ්‍රෙමර් බොක්ක ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතනයකට වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීම සඳහා වරප්‍රසාධ රැසක් පිරිනැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

AstraZeneca එන්නත ලොව පුරා රටවලින් ඉවත් කර ගැනීම ඇරඹෙයි

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ජනතාවට ලබා ගත හැකි වැඩිදියුණු කළ එන්නත්වල අතිරික්තයක් හේතුවෙන් තම COVID-19 එන්නත ලොව සියලු රටවලින් ඉවත් කර ගැනීම ආරම්භ කර ඇති බව AstraZeneca ආයතනය පවසනවා.

Read More »