facebook ගිය මිත්තණියක් අමතක නොවෙන වංචාවකට හසුවෙයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඩොලර් 10000ක වංචාවකට හසුවු වයස්ගත කාන්තාවක් පිළිබඳ පුවතක් ඔස්ට්‍රේලියාවේ පර්ත් අගනුවරින් වාර්තා වනවා.

තමන් මෙලෙස වංචාවකට හසුවීමත් සමඟ ඇය ෆේස්බුක් භාවිත කරන්නන්ට ද අනතුරු ඇඟවීමක් කර තිබුණා.

ෆේස්බුක් ඔස්සේ ඩොලර් ලක්ෂ දෙකක මූල්‍ය ත්‍යාගයක් ලබා ගැනීම සඳහා ඩොලර් 1000ක් ආයෝජනය කරන ලෙස ලැබුණු පණිවුඩයට ප්‍රතිචාර දැක්වීමට යෑමේදී ඇය මෙලෙස මූල්‍ය වංචාවකට හසුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මූල්‍ය ත්‍යාගය පිළිබඳ පණිවුඩය ඇයගේ ෆේස්බුක් ගිණුමෙහි සිටින සමීපතමයකු විසින් එවූවක් වන අතර එහි විශ්වාසනීයත්වය විමසීමට පෙර ඇය මුදල් යොදවා තිබූ බව සඳහන්.

පසුව අනාවරණ වී ඇත්තේ එම මිතුරාගේ ෆේස්බුක් ගිණුම මීට ඉහත දී හැකර්වරුන්ගේ ග්‍රහණයට නතුව ඇති බවයි.

පසුව ඇය සිය මිතුරිය සමග දුරකතනයෙන් සම්බන්ධවූ විට ෆේස්බුක් ඔස්සේ මූල්‍ය වංචාවකට ලක්ව ඇති බව වටහා ගෙන තිබුණා.

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ වාර්තාවලට අනුව වයස අවුරුදු 60 ඉක්මවු පිරිස මෙලෙස අන්තර්ජාල මුල්‍ය වංචාවලට ඉතා පහසුවෙන් හසුවන බව තහවුරු වී තිබෙනවා.

2023 වසරේ දී පමණක් මෙලෙස වැඩිහිටි පිරිස් අන්තර්ජාල වංචාවලට හසුවීමේ ප්‍රවණතාව සියයට 62කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ කොමසාරිස් ට්‍රිෂ් බ්ලේක් පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ මුදල් ආයෝජනය කරන ලෙස පැමිණෙන ඕනෑම පණිවුඩයක ප්‍රතිචාර දැක්විමට පෙර සොයා බැලීමට කටයුතු කළ යුතු බවයි.

Today’s Top Stories 2024.05.09

ප්‍රධාන නගර ආශ්‍රිත නිවාස මිල වාර්තාගත ලෙස ඉහළට ලොව අලංකාරම රටවල් 20 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉහළට සිඩ්නි ඇතුලු ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වය තවදුරටත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉවත් කර ගැනීම ඇරඹෙයි

Read More »

ප්‍රධාන ගුවන් සේවයක් ඕස්ට්‍රේලියාවට එන යන ගුවන් ගමන් නවතයි

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවය විසින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සහ ඉන් පිටත් වන ගුවන් ගමන් ඇතුළුව සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

Read More »

ග්‍රාමීය ප්‍රදේශයකට වෛද්‍යවරුන් ආකර්ශණය කර ගන්න අලුත් වැඩක්

පර්ත් හි ගිනිකොන දෙසින් පිහිටි බ්‍රෙමර් බොක්ක ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතනයකට වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීම සඳහා වරප්‍රසාධ රැසක් පිරිනැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »