පාස්කු නිවාඩු සති අන්තයේ ගමන් සැලසුම් කරන අයට උපදෙසක්

පාස්කු උත්සවය වෙනුවෙන් සති අන්ත නිවාඩුව ආරම්භ වීමත් සමග ඔස්ට්‍රේලියා ගුවන් තොටුපළවල මෙම වසරේ කාර්යබහුලම දිනය අද වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

පාස්කු නිවාඩුව වෙනුවන් එළඹෙන සති අන්තයට පෙර සිය දහස් ගණනක් අද ගුවන් තොටුපලවලට පැමිණෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඉදිරි පැය 24 තුළ ලක්ෂයකට වැඩි පිරිසක් සිඩ්නි ගුවන් තොටුපළ හරහා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන අතර එය මෙම සති අන්තයේ කාර්යබහුලම දිනය ද වනු ඇති.

තවත් 50,000ක් බ්‍රිස්බේන් ගුවන් තොටුපළ හරහා ගමන් කිරීමට නියමිතයි.

සිඩ්නි ගුවන් තොටුපළට යන මාර්ගවල අද උදෑසන 6 සිට දැඩි රථ වාහන තදබදයක් මතුව තිබූ අතර ගුවන් තොටුපළට යාමට පෙර තම ගුවන් යානා පිළිබඳ මාර්ගගතව පරීක්ෂා කරන ලෙසටයි උපදෙස් දී ඇත්තේ.

නගරයෙන් පිටතට යාමට අපේක්ෂා කරන පුද්ගලයින් මාර්ග තදබදය ඇති ස්ථාන පිළිබඳවද දැනුවත් විය යුතු වනවා.

බලධාරීන් දැනුම් දෙන්නේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වරුන්ගා (Wahroonga), සිඩ්නි සහ නිව් කාසල් හරහා උතුරු දෙසට ගමන් කරන පැසිෆික් අධිවේගී මාර්ගය මෙන්ම බ්ලැක්හීත් හරහා යන අධිවේගී මාර්ග කාර්යබහුල වනු ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »