බටහිර ඕස්ට්‍රේලියාවට දින 5ක හදිසි lockdown තත්වයක් පනවයි!

මාස 10කට පසුව ඊයේ දිනයේ බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් දේශීයව කොරෝනා රෝගියෙකු වාර්තා වීමත් සමඟ දින 5ක හදිසි lockdown තත්වයක් එම ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට පනවා ඇත​.

බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ සමස්ත පර්ත් අග නගරය, පීල් කලාපය සහ නිරිතදිග කලාපය යන ප්‍රදේශයන් හි ඊයේ සවස 6 සිට සිකුරාදා දක්වා දින 5කට lockdown කර ඇත​.

මේ අනුව පහත​ කරුණු හැර වෙනත් කිසිඳු හේතූන් මත නිවසින් බැහැර වීමට එහි වෙසෙන ජනතාවට නොහැකිය​.

  • රාජකාරී කටයුතු සඳහා- නිවසේ රැඳී සිට වැඩ කිරීමට හැකි පුද්ගලයින් තම රාජකාරී කටයුතු නිවෙස්වල සිට සිදු කල යුතුයි.
  • සිල්ලර බඩු, බෙහෙත් සහ අත්‍යවශ්‍ය සැපයුම් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම​ සඳහා
  • සානුකම්පිත අවශ්‍යතා සහ අවදානමට ලක්විය හැකි අයව රැකබලා ගැනීම ඇතුළු වෛද්‍ය හෝ සෞඛ්‍ය සේවා අවශ්‍යතා
  • ව්‍යායාම සඳහා

බටහිර ඕස්ට්‍රේලියානු අගමැති මැක්ගෝවන් පැවසුවේ මෙම වාර්තා වූ කොරෝනා ආසාදිතයා බොහෝවිට එක්සත් රාජධානියේ වාර්තා වන නව කොරෝනා විකෘති වයිරස් ප්‍රභේදය වැළඳී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »