ප්‍රවීණ රංගන ශිල්පිණී රම්‍යා වනිගසේකර දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පිණියක් මෙන්ම ප්‍රවෘත්ති නිවේදිකාවක් වූ රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 73 හැවිරිදි වියේ පසු වූ බව සඳහන්.

කලා ක්ෂේත්‍රයේ විවිධ මං ඔස්සේ සිය ප්‍රතිභාව විදහා දැක් වූ රම්‍යා වනිගසේකර ඉතා ජනප්‍රිය මෙන්ම විශිෂ්ඨ ගනයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස නොමැකෙන නමක් තබා තිබෙනවා.

ගුවන් විදුලි නාට්‍ය, වේදිකා නාට්‍ය මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ද රංගන ශිල්පිනියක ලෙස ඇය කටයුතු කළා.

අභාවප්‍රාප්ත රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.

ජනතාවට ආචාර කළ ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසට ආචාර කරන අවස්ථාවේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා. රජයේ රැස්වීමකින් පසුව අගමැතිවරයා පිටතට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා. මෙය අගමැතිවරයා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියක් බවට ද සැක මතුවී

Read More »

T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන වනිඳු හසරංගට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

Read More »