වසංගත සමයේ ජනයා සීමාවක් නොමැතිව භාණ්ඩ මිලදී ගැනීම (Panic buying) වැලැක්වීම සඳහා ගොඩ නැගූ App එකක්!

වසංගත සමයේ ජනයා සීමාවක් නොමැතිව භාණ්ඩ මිලදී ගැනීම (Panic buying) වැලැක්වීම සඳහා ගොඩ නැගූ App එකක්!

“Essentials Stalker” යනු කොරෝනා වසංගතය හමුවේ පාරිභෝගිකයින් ‘ සීමාවක් නොමැතිව භාණ්ඩ මිලදී ගැනීම (Panic buying) වැලක්වීම’ සඳහා ගොඩ නැගූ යෙදුමකි.

මෙම යෙදුම මඟින් ජනයාට ඉතා පහසුවෙන් සහ ඉක්මණින් “අත්‍යවශ්‍ය දේ සොයා ගැනීමට” සහ සීමාවක් නොමැතිව භාණ්ඩ මිලදී ගැනීම වළක්වා ගැනීමට උදව් වන බව වොලොන්ගොං ප්‍රදේශයේ මුහම්මද් හුසේන් ජෆ්රි තමා විසින් නිර්මාණය කළ මෙම යෙදුම ගැන අදහස් ප්‍රකාශ කර සිටී.

Essentials Stalker යෙදුම මඟින් භාණ්ඩවලට ඉහළ ඉල්ලුමක් ඇති කාලවලදී සොයා ගැනීමට අපහසු භාණ්ඩ කොතැනදැයි පාරිභෝගිකයින්ට දැනගත හැකිය.

“මෙම යෙදුම ලෝකයේ ඕනෑම තැනක භාවිතා කළ හැකි අතර එය එක් භූගෝලීය ස්ථානයකට පමණක් සීමා නොවේ.” ජෆ්රි තවදුරටත් අදහස් දැක්වීය​.

(7News)

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »