ඔස්ට්‍රේලියාවේ සෑම ළමුන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් ළමා දරිද්‍රතාවයට

ඔස්ට්‍රේලියාවේ සෑම ළමුන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් ළමා දරිද්‍රතාවයෙන් පෙළෙන බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

 අධික ජීවන වියදම හමූවේ ගෘහාශ්‍රිත මූල්‍ය පීඩනය ඉහළයෑම මීට හේතුවයි.

 යුරෝපා සංගමයේ සාමාජික රාජ්‍යන් අතර ළමා දරිද්‍රතාව ශ්‍රේණිගත කිරීමේ දී ඔස්ට්‍රේලියාව 18 වන ස්ථානයේ පසුවන බව සඳහන්.

 ඔස්ට්‍රේලියාවේ යුනිසෙෆ් ප්‍රධානී කාටි මස්කිල් සඳහන් කළේ ඕස්ට්‍රේලියාවේ දරුවන්ගේ සමාජ ආරක්ෂණය සඳහා තවත් බොහෝ දේ කළ යුතු බවයි.

මේ අතර ලෝකයේ ධනවත්ම රටවල් 40 ක සෑම දරුවන් 5 දෙනෙකුගෙන් 1 දෙනෙකු දරිද්‍රතාවයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය ප්‍රකාශ කළේ ලෝකයේ ධනවත්ම රටවල් 40 ක් පුරා දරිද්‍රතාවයෙන් ජීවත් වන ළමුන් සංඛ්‍යාව මිලියන 69 ඉක්මවා ඇති බවයි.

 ප්‍රංශය,අයිස්ලන්තය, නෝර්වේ. ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය වැනි සංවර්ධිත රාජ්‍යන්ගේ ළමා දරිද්‍රතිව ඉහළ අගයක් ගන්නා බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.