සෑම පුද්ගලයින් 6 දෙනෙකුගෙන් එක් අයෙක් වඳභාවයට

ලොව සෑම පුද්ගලයින් 6 දෙනෙකුගෙන් එක් අයෙක් වඳභාවයට ලක්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන තිබෙනවා.

වඳභාවයට ලක්ව සිටින අයට පවුල් ජීවිතයක් ආරම්භ කිරීම සදහා දරුවන් බිහිකිරීමට ලාභදායී මෙන්ම ඵලදායී ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දෙන ලෙස ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටිනවා.

ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමවත්ව හා උසස් ප්‍රමිතියෙන් යුතුව පවත්වා ගැනීමට සෑම රටක්ම අවධානය යොමුකළ යුතු බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

ලෝක ජනගහනයෙන් සියයට 17 දශම 5ක වැඩිහිටි ජනගහනයක් මෙලෙස වදභාවයට ලක්ව සිටිනවා.

එම ප්‍රතිශතය වැඩි ආදායම් රටවල සියයට 17 දශම 8ක් වන අතර අඩු හා මධ්‍යම ආදායම් රටවල සියයට 16.5 ක් වනවා.

කෙසේ වුවද මාස 12ක හෝ ඊට වැඩි කාලයක් දරු පිළිසිදගැනීමක්  අපේක්ෂාවෙන් සිටිය ද එය සිදු නොවුණහොත් අදාළ පිරිමි හෝ කාන්තා පාර්ශ්වය වදභාවයට ලක්ව ඇති බව සැලකෙනවා.