කාන්තා සෞඛ්‍ය සම්බන්ධ මහජන යෝජනා

කාන්තා සෞඛ්‍ය සම්බන්ධ මහජන යෝජනා ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

එය ඉදිරි දින කිහිපයේදී ආරම්භ වීමටයි නියමිත.

කාන්තාවන්ගේ ගැටලු සම්බන්ධ දත්ත රැස් කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබුණා.

එහිදී 1700 කට වැඩි පිරිසකගෙන් දත්ත ලබාගත් අතර හෙළිව ඇති කරුණු සාමාන්‍ය බවයි වික්ටෝරියා රජය පවසන්නේ.

නිදන්ගත වේදනාවලින් සියයට 40 ක් පීඩා විඳින අතර, ආර්ථවහරණය ආශ්‍රිත වේදනාවලින් පීඩා විඳින කාන්තාවන් සංඛ්‍යාව සියයට 30 ක් බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

මෙම වේදනා තුරන් කිරීම සඳහා කාන්තා සෞඛ්‍ය මධ්‍යස්ථාන ප්‍රාන්තය තුළ ස්ථාපනයට සැලසුම් කර ඇති බවයි, ප්‍රධාන අමාත්‍ය ජසින්ටා ඇලන් සඳහන් කළේ. 

ඊට සමගාමීව කාන්තා සෞඛ්‍ය පිළිබඳ මහජන අදහස් රැස් කිරීම ඉදිරි දින කිහිපයේදී අරඹන බවයි වාර්තා වෙන්නේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »